freefm.lk

Free news and Radio SriLanka

රුපියල් බිලියන 3 ක් වටිනා මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

හෙරොයින් කිලෝ 260 ක් සහ අයිස් කිලෝ 56 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3 කට වඩා වැඩි බවත් දැනගන්නට ලැබේ
මුහුදේ නාවික සැතපුම් 548 ක් දුරින් පිහිටි ජාත්‍යන්තර චන්ද්‍රිකා ඡායාරූප ආධාරයෙන් මෙම මෙහෙයුම සිදු කරන ලද බවයි වාර්තා වන්නෙ.
මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාව ටික වේලාවකට පෙර දික්ඕවිට ධීවර වරායට ගෙනැවිත් ඇති අතර නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 718 ක් , අයිස් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 1378 ක් (ඒකාබද්ධ වටිනාකම බිලියන 21 ක් වන) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *